E mail මගින් ලිපි ගෙන්වා ගන්න

Sunday, July 17, 2011

සේවා ගාස්තු...

මෙහෙම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකේ වැඩි විස්තරයක් කරන්ටවත්..මේකේ තියෙන අඩු පාඩු හදන්ටවත් මට වෙලාවක් ලැබුනේ නැහැ නෙව..ඒ හින්දා ඔන්න මේකට අවශ්‍යම අංගයක් අද ඉඳලා එකතු කරල තියෙනවා..

ඒ තමා මිල ගණන් පිළිබඳ සටහන..බ්ලොග් එකේ වම් පස එම තොරතුරු සටහන් තීරුවක් අද ඉඳලා දාලා තියෙනවා...මේක මෙහෙම දාන්න කියලා බොහෝම දෙනෙක් ඉල්ලලා තිබුනා..ඒ අයගේ ඉල්ලීමට අනුව ඔන්න මං ඒ පිළිබඳව ක්‍රියා කරන්නට යෙදුනා..මෙතෙක් දවසක් මගේ මේ පුංචි කටයුත්තට අත හිත දුන්න..උපදෙස් දුන්න අය වගේම මගෙන් සේවය ලබා ගත්ත හැමෝටම ආයෙමත් වංගියක් බොහෝම ස්තූතියි කිව්වා ඕං...

Sunday, June 12, 2011

බොහෝමත්ම ස්තූතියි...

ඉතිං කට්ටියටම ආයිබෝං කිව්වා..ඒ වගේම බොහෝමත්ම ස්තූතියි කියලත් කිව්වා ඕං...ඇත්තටම සෑහෙන්න හොඳ ප්‍රතිචාර මේ ටික දවසට ලැබුනා..කලින් ලිපියේ පල කල කොමෙන්ටු ගනනට වඩා පල නොකල කොමෙන්ටු ගනන වැඩියි..ඒ ඉතිං මගෙන් විස්තර අහලා තම තමුන්ගේ ඊමේල් ලිපිනයන් දන්වා එවා තිබු කොමෙන්ටු තමා..ඒවා පල කොරන්නේ නැහැනේ...

ඒ වගේමයි ඒ හරහා මට කියලා මේ වෙන කොට කීහිප දෙනෙක්ම තම තමන්ගේ කේන්දර වැඩ කටයුතු කොර ගත්තත් එක්ක...

ඇත්තටම වැඩේ බොහෝම සාර්ථකයි.
ඉතිං අද මේ ලියන්න හිතුනේ වෙන එකක් හින්දා නෙවෙයි..එකක් ස්තූති කරන්න..ඒ තමයි මට ප්‍රතිචාර දක්වපු වගේම වැඩ කටයුතු බාර ගත්ත අයටත් ඒත් එක්කම බ්ලොග් අඩවියේ යම් යම් අඩුපාඩු කිහිපයක් පෙන්නලා දුන්න හිතවතුන්ටත්...

කොහොමටත් ඉස්සරහට මේක තව ටිකක් දියුණු පමුණු කොරලා ගන්ට ඕන...

ඒ වගේමයි ආයේ ඉතිං මං ඉන්න තැන නොකියා ඉඳලා තේරුමක් ඇතෑ...
එහෙනං ඔන්න තැන...

තුෂර ජොතිෂ්‍ය කාර්යාලය...
137/6
ආයෝජන ප්‍රවර්ධන කලාප මාවත...
වතුපිටිවල...

හොයා ගන්න කිසිම අපහසුවක් නැහැ...හරියටම වතුපිටිවල රෝහල ඉදිරිපිට තමා තැන...
වතුපිටිවල ගැන දන්නේ නැති අය ඉන්නවනං පොඩ්ඩක් බලන්නකෝ සිතියමක නිට්ටඹුව ගැන..නිට්ටඹුවෙන් කිරිඳිවැල හංවැල්ල පාරේ කිලෝ මීටර් 3ක් විතර එද්දී තියෙනවා වතුපිටිවල හන්දිය එතනින් දකුණට තියෙන ඉස්පිරිතාල පාරේ මීටර් 75ක් වගේ එද්දී ඔන්න ලොක්කා ඉන්නවා...ඔය ාරෙම තමා ආයෝජන කලාපය පිහිටලා තියෙන්නෙත්..දැන් පැහැදිලියිනේ විස්තරේ...

ඒත් වැඩක් කරගන්න හිතාගෙන ඉන්න අය ඔය දුර ඉඳන් මෙහෙ එන්න මහන්සි වෙන්න ඕන නැහැ...කෙලින්ම මාව ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ කරගෙන තමන්ගේ වැඩේ කර ගන්න ඇහැකි.. ඒ සඳහා වන ගාස්තු කෙලින්ම මගේ බැකු ගිනුමට දාන්න ඇහැකි..ඊමේලයක් එවුවහම ඔය ඕන විස්තරයක් දැන ගන්ට බැරියෑ...

මෙන්න මගේ ඊමේල් ලිපිනය

ctkumara@gmail.com

හරිනේ එහෙනං දැන් පැහැදිලියි නේ ඔක්කෝම...එහෙනං ඔන්න මං නැවතුනා...

Sunday, June 5, 2011

ආරම්භක සටහන...

අළුත් ආරම්භයක්...
ඇත්තටම මේ මං බලාපොරොත්තු වෙලා හිටිය දෙයක්නං නෙවෙයි...ඒත් හිතවතුන් කිහිප දෙනෙකුගේම ඉල්ලීම මත හා උනන්දු කිරීම මතම මෙවැන්නක් කරන්නට අවසානයේදී මටත් සිත් උනා...
බ්ලොග්කරණයට ආගන්තුකයෙක් නොවුනත් වාණිජ අරමුණකින් එය යොදා ගැනීම පිළීබඳව සෑහෙන්න හිතන්න උනා.
කොහොම උනත් අවසානයේදී ඕන එකක් වෙන්න කියලා එයටත් අත ගහලාම බැළුවා...

මේ අඩවිය වෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ජ්‍යොතිෂ කටයුතු සඳහා පමණයි.එසේම වාණිය වටිනාකමක් ඇති දෙයක් නිසා සිංහල බ්ලොග් කියවනයන්ට මෙය ඇතුලත් නොකර ඉන්නයි මම හිතාගෙන ඉන්නේ.
ඒත් එකම ප්‍රචාරක මාධ්‍යයක් හැටියට මම මෙතුවක් කාලයක් කරගෙන ආව බ්ලොගයේ මේ සඳහා සම්බන්ධකයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා.ඒ හැර දන්න කියන අයට වෙනමම හදුන්වා දීමක් කෙරෙනවා ප්‍රචාරණය එපමණයි.

මේ අඩවිය හා සම්බන්ධ වීම තුලින් ලොව වටා සිටින ලාංකීය හිතවතුන්ට ඔවුනගේ එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන ජ්‍යොතිෂ කටයුතු සඳහා උපදෙස් හා සේවාවන් ලබා ගත හැකියි.ඉඳ හිට හෝ ඉඩ ඇති වේලාවක ජ්‍යොතිෂය හා සම්බන්ධ ලිපි කිහිපයක් හෝ ලිවීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.

ඒ හැරුනකොට වැඩිමනත්ම මෙය භාවිතා වන්නේ මාගෙන් ජ්‍යොතිෂ කටයුතු කරගැනීමට බලාපොරොත්තු වන අය හා සම්බන්ධ වීමේ මාර්ගයක් හැටියට පමණී.
ස්තූතියි...