E mail මගින් ලිපි ගෙන්වා ගන්න

Sunday, June 5, 2011

ආරම්භක සටහන...

අළුත් ආරම්භයක්...
ඇත්තටම මේ මං බලාපොරොත්තු වෙලා හිටිය දෙයක්නං නෙවෙයි...ඒත් හිතවතුන් කිහිප දෙනෙකුගේම ඉල්ලීම මත හා උනන්දු කිරීම මතම මෙවැන්නක් කරන්නට අවසානයේදී මටත් සිත් උනා...
බ්ලොග්කරණයට ආගන්තුකයෙක් නොවුනත් වාණිජ අරමුණකින් එය යොදා ගැනීම පිළීබඳව සෑහෙන්න හිතන්න උනා.
කොහොම උනත් අවසානයේදී ඕන එකක් වෙන්න කියලා එයටත් අත ගහලාම බැළුවා...

මේ අඩවිය වෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ජ්‍යොතිෂ කටයුතු සඳහා පමණයි.එසේම වාණිය වටිනාකමක් ඇති දෙයක් නිසා සිංහල බ්ලොග් කියවනයන්ට මෙය ඇතුලත් නොකර ඉන්නයි මම හිතාගෙන ඉන්නේ.
ඒත් එකම ප්‍රචාරක මාධ්‍යයක් හැටියට මම මෙතුවක් කාලයක් කරගෙන ආව බ්ලොගයේ මේ සඳහා සම්බන්ධකයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා.ඒ හැර දන්න කියන අයට වෙනමම හදුන්වා දීමක් කෙරෙනවා ප්‍රචාරණය එපමණයි.

මේ අඩවිය හා සම්බන්ධ වීම තුලින් ලොව වටා සිටින ලාංකීය හිතවතුන්ට ඔවුනගේ එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන ජ්‍යොතිෂ කටයුතු සඳහා උපදෙස් හා සේවාවන් ලබා ගත හැකියි.ඉඳ හිට හෝ ඉඩ ඇති වේලාවක ජ්‍යොතිෂය හා සම්බන්ධ ලිපි කිහිපයක් හෝ ලිවීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.

ඒ හැරුනකොට වැඩිමනත්ම මෙය භාවිතා වන්නේ මාගෙන් ජ්‍යොතිෂ කටයුතු කරගැනීමට බලාපොරොත්තු වන අය හා සම්බන්ධ වීමේ මාර්ගයක් හැටියට පමණී.
ස්තූතියි...

34 comments:

  1. මේ පටන් ගත් කාර්ය්‍යය ඔබටත් සෙතක් සදන අනුන්ටත් සෙතක් සදන සාර්ථක ව්‍යායාමයක් වේවා..!!!

    ReplyDelete
  2. මාර ජ්‍යෝතිෂ්‍ය කාර්යාලය දානකන් පුල පුලා බලන් හිටියේ.. ලිපිනය එහෙම ප්‍රසිද්ධ කරොත් නරකද?
    -කාංචන

    ReplyDelete
  3. මචෝ . . . මගෙන් සුභ පැතුම් .. . උඹට කරදරයක් නැතුව උඹේ පාඩුවෙ අලුත් ව්්‍යාපාරය සාර්තක කරගන්න ලැබෙයි . . . .

    ReplyDelete
  4. mara aiye kendare bala ganna ona..
    email eka dannako email ekak ewanna...

    ReplyDelete
  5. සාර්ථක ගමනකට සුබ පැතුම්..

    ReplyDelete
  6. බොහොම හොඳයි...මම මේක දැන් නොවැ දැක්කෙ,......

    ReplyDelete
  7. හැමෝටම ස්තූතියි...වැඩි දුර විස්තර අවශ්‍ය අය මෙතන තමන්ගේ ඊමේල් ලිපිනය දාන්ට මම ඒ අයට ඊමේල් හරහා වැඩි දුර විස්තර ලබා දෙන්නං.ඒ වගේම ඊමේල් එඩ්රස් දාන කොමෙන්ට් පබ්ලිෂ් නොකර ඉන්නං..මේකේ කොමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ ඒහින්දා මේල් එක කාගෙවත් අතට යන්නේ නැහැ.ඒ විදියට තමා දැනට සම්බන්ධතාවය ගොඩ නගා ගන්ට වෙන්නේ...

    ReplyDelete
  8. මේක ගොඩක් හොද වැඩක්.ඉස්සරහට අපිට පොරොන්දම් එහෙමත් බලන්න තියනව.ඕනෙ වෙලාවට අය්යව මේ හරහා සම්බන්ද කරගන්න පුලුවන් වෙයි කියල හිතෙනව.ස්තූතියි.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.

    ReplyDelete
  9. හම්මේ මට වර්ඩ් වෙරිෆිකේෂන් කේස් එක අමතක උනා නෙව..ස්තූතියි..ඔන්න අහක් කලා..
    ආ ඔයාලගේ දේ අනිවාර්යයෙන් කරනවා...ඕන උනහම කියන්නකෝ

    ReplyDelete
  10. මේ වැඩේට මගේත් සුභ පැතුම්.මෙමගින් විශාල පිරිසකට සේවයක් කල හැකියි.

    ReplyDelete
  11. @JHOTHISHALANKA...
    බොහෝම ස්තූතියි මිත්‍රයා..මුල ඉදන්ම දෙන දිරි ගැන්වීමට වගේම අඩු පාඩු පෙන්වලා දීලා ඒ වගේම හැම අතින්ම ආධාර කරලා දෙන සහයෝගයට

    ReplyDelete
  12. සුභ පැතුම්.. මාරයානෙනි..

    ReplyDelete
  13. නියමයි මාරයියේ.......සුභපැතුම්.....

    ReplyDelete
  14. සුබපැතුම් මාරේ අයියේ

    ReplyDelete
  15. ලංකාවට ආපු වෙලාවක අත බලව ගන්න එඤ්ඤං . වැඩේට සුබපැතුම්

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් සුබ පැතුම් ...........

    ReplyDelete
  17. සුබ පැතුම් ......

    ReplyDelete
  18. මාරයාගේ අලුත් වැඩේට ඔන්න මගෙනුත් සුබ පැතුම්.
    අපිටත් ඉතිං කේන්දරයක් බලාගන්න ඕන උනා‍ම මේ පැත්තෙ එන්න බැරියැයි.

    ReplyDelete
  19. සුබ අනාගතයක්....!!!!

    හෙහ් හෙහ්....

    ReplyDelete
  20. අදනෙ දැක්කෙ.ගුඩ් ලක්.

    ReplyDelete
  21. මේක දැක්කෙ අදනෙ. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  22. ඒක හොදා මාරයියෙ ජයෙන් ජය පතනවා

    මේක අදයි දැක්කෙ.

    ReplyDelete
  23. දැන් නොව දැක්කේ... ඔන්න මමත් සුභ පැතුවා හදවතින්ම...
    තවමනම් හරියට වැඩක් කරවගන්න නම් නැ.. එත් ඕන උන ගමන්ම කතා කරන්නම්කෝ

    ReplyDelete
  24. දිනෙන් දිනම ජයම වේවා!
    මල්ලි මේකෙ ලිපිනය දෙන්න. ඒක ලොකු සේවයක්.
    මටත් ඉක්මනටම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා.

    ReplyDelete
  25. දැන් නොවැ දැක්කේ. එල එල. ඉස්සරහට අපිටත් වැඩ බොහොමයි.

    ReplyDelete
  26. අපිටත් කිව්වනම් නරකයි. මම තරහයි ඕන් අයියා එක්ක............

    අයියණ්ඩිගේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම පතනවා.......!!!!!

    ReplyDelete
  27. මිනිස්සුන්ගේ ඉදිරි ගමනට නිවැරදි මග සලකුණු පෙන්වන පහන් ටැඹක්ම වේවා...

    ReplyDelete
  28. කලින් බුකියෙ නම් සුභ පැතුවනෙ මලේ... ඒත් ඉතින් බිලොග් එක දැක්කෙ අදනෙ..

    රාජකාරි බහුල වේවා...
    බ්ලොග් එකත් දින දින දිනේවා...
    සියල්ලට සේවය දෙවන්නට...
    බ්ලොගය හොඳ පාලමක් වේවා...

    ReplyDelete
  29. සුභ පැතූ සියල්ලන්ටම බොහෝම ස්තූතියි...

    ReplyDelete