E mail මගින් ලිපි ගෙන්වා ගන්න

Sunday, June 12, 2011

බොහෝමත්ම ස්තූතියි...

ඉතිං කට්ටියටම ආයිබෝං කිව්වා..ඒ වගේම බොහෝමත්ම ස්තූතියි කියලත් කිව්වා ඕං...ඇත්තටම සෑහෙන්න හොඳ ප්‍රතිචාර මේ ටික දවසට ලැබුනා..කලින් ලිපියේ පල කල කොමෙන්ටු ගනනට වඩා පල නොකල කොමෙන්ටු ගනන වැඩියි..ඒ ඉතිං මගෙන් විස්තර අහලා තම තමුන්ගේ ඊමේල් ලිපිනයන් දන්වා එවා තිබු කොමෙන්ටු තමා..ඒවා පල කොරන්නේ නැහැනේ...

ඒ වගේමයි ඒ හරහා මට කියලා මේ වෙන කොට කීහිප දෙනෙක්ම තම තමන්ගේ කේන්දර වැඩ කටයුතු කොර ගත්තත් එක්ක...

ඇත්තටම වැඩේ බොහෝම සාර්ථකයි.
ඉතිං අද මේ ලියන්න හිතුනේ වෙන එකක් හින්දා නෙවෙයි..එකක් ස්තූති කරන්න..ඒ තමයි මට ප්‍රතිචාර දක්වපු වගේම වැඩ කටයුතු බාර ගත්ත අයටත් ඒත් එක්කම බ්ලොග් අඩවියේ යම් යම් අඩුපාඩු කිහිපයක් පෙන්නලා දුන්න හිතවතුන්ටත්...

කොහොමටත් ඉස්සරහට මේක තව ටිකක් දියුණු පමුණු කොරලා ගන්ට ඕන...

ඒ වගේමයි ආයේ ඉතිං මං ඉන්න තැන නොකියා ඉඳලා තේරුමක් ඇතෑ...
එහෙනං ඔන්න තැන...

තුෂර ජොතිෂ්‍ය කාර්යාලය...
137/6
ආයෝජන ප්‍රවර්ධන කලාප මාවත...
වතුපිටිවල...

හොයා ගන්න කිසිම අපහසුවක් නැහැ...හරියටම වතුපිටිවල රෝහල ඉදිරිපිට තමා තැන...
වතුපිටිවල ගැන දන්නේ නැති අය ඉන්නවනං පොඩ්ඩක් බලන්නකෝ සිතියමක නිට්ටඹුව ගැන..නිට්ටඹුවෙන් කිරිඳිවැල හංවැල්ල පාරේ කිලෝ මීටර් 3ක් විතර එද්දී තියෙනවා වතුපිටිවල හන්දිය එතනින් දකුණට තියෙන ඉස්පිරිතාල පාරේ මීටර් 75ක් වගේ එද්දී ඔන්න ලොක්කා ඉන්නවා...ඔය ාරෙම තමා ආයෝජන කලාපය පිහිටලා තියෙන්නෙත්..දැන් පැහැදිලියිනේ විස්තරේ...

ඒත් වැඩක් කරගන්න හිතාගෙන ඉන්න අය ඔය දුර ඉඳන් මෙහෙ එන්න මහන්සි වෙන්න ඕන නැහැ...කෙලින්ම මාව ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ කරගෙන තමන්ගේ වැඩේ කර ගන්න ඇහැකි.. ඒ සඳහා වන ගාස්තු කෙලින්ම මගේ බැකු ගිනුමට දාන්න ඇහැකි..ඊමේලයක් එවුවහම ඔය ඕන විස්තරයක් දැන ගන්ට බැරියෑ...

මෙන්න මගේ ඊමේල් ලිපිනය

ctkumara@gmail.com

හරිනේ එහෙනං දැන් පැහැදිලියි නේ ඔක්කෝම...එහෙනං ඔන්න මං නැවතුනා...

25 comments:

  1. මාරයියා එහෙනම් පරන වැඩේ ආයිමත් පටන් ගත්තා....එලම තමා....ඔන්න අපිත් ඕනි උනොත් ඔය පැත්තෙ එනවා....ජයෙන් ජය :D

    ReplyDelete
  2. නියමයි මාරයියා..... ජයෙන් ජය වේවා ! සුභෙන් සුභ වේවා !! දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!!

    ReplyDelete
  3. මටත් තව ටික කාලෙකින් අයියගෙ උදව් ඕනෙ වෙයි. සුභ පැතුම් අලුත් වැඩේට.

    ReplyDelete
  4. සුභ පැතුම් යමක් කරන්න හිතුවට ඇත්තටම නියමයි. ජය වේවා !

    දැන් කොහොමද ඔයe-mail වලින් කේන්ද්‍රය බලාගන්නෙ. මට ඕනැ මගෙ කේන්දරය බලන්න. මම කොහොමද ඒක මාර මලයට එවන්නෙ. කොහොමද ගෙවන්නෙ කිව්වා නම් හොඳයි. මොකද මම හුඟක් ITනොද න්න නිසා.

    අනික ඉතින් මාරයා ඉන්නෙ පයින් ගිහින් කරත්තෙන් ගිහින් බස් එකේ ගිහින් කෝච්චියෙන් ගිහින් ආය බස් එකේ ගිහින් පයින් යන්න ඕන තරම් දුරක නේ ඒකයි ඇහුවෙ.

    අනේ තරහ අවසර මම ඇත්තටමයි කෙන්දරය බලාගන්න විදිහ ඇහුවෙ.


    මම මිගාර

    ReplyDelete
  5. මාරයියෝ.. මූණ බලලා ගාස්තු කියන අදහසක් නැත්තං එක එක වැඩ සඳහා අය කරන ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමක් කරොත් නරකද?? අනිත් එක තමයි අයියගේ කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් සේවාවාන් මොනවද කියලත් සඳහනක් කරොත් මාරයි..

    ReplyDelete
  6. අයියෝ... අහල පහලනෙ... එන්නම්කො වෙලාව බලෝගන්න... මේ දවස් වල සෑහෙන අපලයි ;)

    සුභ පැතුම් අළුත් වැඩේට!...

    ReplyDelete
  7. පටන් ගන්නත් කලින් මගේ වෙලාව බලලා දීපන් කිව්වේ . .

    තාම නෑ . .

    අද තොට මේල් එකක් එවඥ්ඥං වැඩි විස්තර කියාපිය

    ReplyDelete
  8. කිව්වත් වගේ මිල ගනන් විස්තරයක් මේකේ පැත්තක දාන්න

    ReplyDelete
  9. එහෙම නම් අද සිට හරියටම මසක් ගෙවුන තැන අදාල තැනදිම හමුවෙමු..

    ReplyDelete
  10. මමත් එනව වෙලාවක.... සෙට් වෙමු හොඳේ....

    ReplyDelete
  11. අර දුකා අයියගේ සිස්ටම් එක තමා මං හිතන්නේ සාර්ථකම ක්‍රමේ. හික්ස්......

    අපි නම් ඉතින් කවදා එන්නද. ඒ උනාට ඉතින් කවදා හරි එනවමයි අයියව බලලා යන්න. හී....... අයියා දන්නවනේ එන දවස???? ;)

    ReplyDelete
  12. අපිත් එනවා ඔන්න වෙලාව ආවම... හි හි :) දවසෙන් දවස දියුණුවෙන් දියුණුවට පත්වේවා....!

    ReplyDelete
  13. මගෙ වෙලාව නං මේ දවස් වල කොහොමත් අබ්ලික්. කොහොම උණත් උඹේ වෙලාව හොඳවෙලා වැඩේ සාර්තකව කරගෙන යන්ඩ ලැබේව කියල පතනවා...

    ReplyDelete
  14. මෙයා කාර්යාලෙ දාන්න කලින්ම මංනං සිත්තරයක් ඇදලා දීලා වෙලාව බලාගත්තා.

    ඉස්සර මෙයා ගෙදර ඉදං මගේ වෙලාවේ බැලුවේ මෙහෙමලු

    http://www.facebook.com/#!/photo.php?fbid=159416824076877&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete
  15. එඥ්ඥං එඥ්ඥං වෙලාවක..නියමයි!!!!!!!

    ReplyDelete
  16. අදනේ මේක දැක්කේ. එල එල මාරයියා. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  17. ආ මාරයියේ පොඩි උං දෙන්නාගේ කොන්ඩේ කපන්න නැකතක් බලන්න කිවා.. මොන මගුලටද දන්නැ.. එහෙම නැකත් බලනවද ?

    අලුත් වැඩේට ජය වේවා...!!

    ReplyDelete
  18. හැමෝටම ස්තූතියි කිව්වා අයෙම වංගියක්...

    ඔව් බනියෝ එහෙම නැකතක් බලන්න ඕන..මොකදෑ ඔය හා පැටවුන්ගේ අනාගත සවුක්කිය ගැන බලපෑමක් තියෙනවා කියනවා නෙව ඕය පළවෙනි කොණ්ඩා කැපිල්ලෙන්..අනික ඉතිං උපන්නට පස්සේ හා හා පුරා කියලා ඇගේ කෑල්ලක් අහක් කරනවා වගේ දෙයක් නෙව ඔය..

    හිතවත් මිගාර ඉහත වම් පැත්තේ ඇති මගේ ඊමේලය පාවිච්චි කරන්න...

    දුකා..උඹ කිව්ව වැඩේ අර ගනන් හිලවු ටික දාන්නං ඉක්මනින්ම...

    ReplyDelete
  19. මාරයියේ... මං මේල් එකක් දැම්මා විජහට බැලුවනං, පවුල මාව කන්න හදනවෝ.......

    ReplyDelete
  20. මචං පවුල තාමත් කෑමක හොඳ නරක අදුරන්නේ නැද්ද..?

    ReplyDelete
  21. මම අදයි දැක්කේ.. ජයෙන් ජය පතනවා මල්ලිට.. අත්තට දුකා අයියා කියන්නා වගේ ගානක් මිම්මක් ඇතුව කරොත් හොඳා නේද?

    ReplyDelete
  22. හොඳට දන්න කියන තැනක්නේ..උවමනා උනොත් එන්නම්කෝ...සුභ පතනවා වැ‍ෙඩ්ට.....

    ReplyDelete
  23. සුබපතනවා මාරයියේ.. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  24. එල එල....
    අලුත් කලාපයක්...

    ReplyDelete
  25. කොම්පුටරෙන්ද බලන්නේ

    ReplyDelete