E mail මගින් ලිපි ගෙන්වා ගන්න

Sunday, July 17, 2011

සේවා ගාස්තු...

මෙහෙම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකේ වැඩි විස්තරයක් කරන්ටවත්..මේකේ තියෙන අඩු පාඩු හදන්ටවත් මට වෙලාවක් ලැබුනේ නැහැ නෙව..ඒ හින්දා ඔන්න මේකට අවශ්‍යම අංගයක් අද ඉඳලා එකතු කරල තියෙනවා..

ඒ තමා මිල ගණන් පිළිබඳ සටහන..බ්ලොග් එකේ වම් පස එම තොරතුරු සටහන් තීරුවක් අද ඉඳලා දාලා තියෙනවා...මේක මෙහෙම දාන්න කියලා බොහෝම දෙනෙක් ඉල්ලලා තිබුනා..ඒ අයගේ ඉල්ලීමට අනුව ඔන්න මං ඒ පිළිබඳව ක්‍රියා කරන්නට යෙදුනා..මෙතෙක් දවසක් මගේ මේ පුංචි කටයුත්තට අත හිත දුන්න..උපදෙස් දුන්න අය වගේම මගෙන් සේවය ලබා ගත්ත හැමෝටම ආයෙමත් වංගියක් බොහෝම ස්තූතියි කිව්වා ඕං...

19 comments:

  1. ස්කයිප් මගින් කියන්නේ - සාමාන්‍යයෙන් ලිඛිත පලාපල විස්තරයක් දෙන්නේ නැද්ද?

    ReplyDelete
  2. @කතන්දර Kathandara...

    ඔව් ඇත්තටම ස්කයිප් හරහා කරන බැලීමේදී ලිඛිත විස්තරයක් නැහැ... පලාපල කථනයක් පමණයි..ඒත් කේන්දරෙ බලන ගමන්ම තමන්ට දැන ගන්න ඕන දේවල් කතා බස් කරල දැන ගන්න පුළුවන් විදියටයි ඒක කෙරෙන්නේ.. ලිඛිත විස්තරයක් අවශ්‍ය නම් ඊ මේල් හරහා කෙරෙන විදිය තමා වඩාත්ම සුදුසු...බොහෝම ස්තූතියි...

    @Praසන්ன...

    බොහෝම ස්තූතියි යාළුවා...

    ReplyDelete
  3. සතුටුයි අයියේ තව අවුරුද්දකින් විතර අර එක්දාස් දෙසීයෙ වැඩේට එන්නම්කො හොඳේ..

    ReplyDelete
  4. දැනුයි දැක්කේ මේ බ්ලොග් එක. ජයෙන් ජය!!

    ReplyDelete
  5. හිත ඇතිනම් පත කුඩාද කිව්වලු..! ජය ජය.., ඔහොම යං..!!

    ReplyDelete
  6. ස්කයිප් හරහා මරු සිටින දිශාව බලා ගන්ඩ බැරි වෙයිද

    ReplyDelete
  7. දැන් පිටරට ඉන්න අයට ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවන්න පුලුවන් ක්‍රමයකුත් හදන්න බැරිද....?

    පිටරට ඉන්න අයට ඒ ගොල්ල ඉන්න තැන්වල අක්ශාංස දේශාංස දැන්විය යුතුද...?

    ReplyDelete
  8. මාරෙ . . . එතකොට හඳහනක් අලුතින් හදාගන්න ගාස්තුව කීයද ???

    ReplyDelete
  9. අනාගතේදී ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.ස්තූතියි

    ReplyDelete
  10. අන්න හොදයි...

    පිටරට ඉන්න අයට, පහසුවෙන් ගෙවීම් කරන්න පුළුවන් විදිහක් තියෙනවානම් වඩාත් පහසුයි.

    කොහොම උනත් නියත ජය...

    ReplyDelete
  11. ප්‍රතිචාර දැක්වූ හැමෝටම ‍බොහෝමත්ම ස්තූතියි..

    @ලකී...
    මචං මට මගේ ඊමේල් එකට ඊයක් එවහං..ඔය උඩින් තියෙනවා ලිපිනය

    ReplyDelete
  12. මාරයියේ කිවුවත් වගේ බන් පිට රටක ඉදන් ඔය ගාස්තු එවද්දී ඕක වගේ 3න් ගුනයක් කොමිස් දෙන්න වෙයි,,,පහසු විදිහක් හදුන්වා දෙමු නේ තිස්ස අයියා කියනවා වගේ,,,ක්‍රෙඩිට් කාඩ් හෝ පේපැල් හරහා වගේ

    ReplyDelete
  13. මේක අදනෙ බන් දැක්කෙ එළ ජයවේවා......!
    මාරයාගෙ හෝරාවෙ තියෙන ලින්ක් එක ටිකාක් පේනවා මදි

    ReplyDelete
  14. දැක්කේ අදයි! ජය වේවා කිව්වා ඔන්න... :)

    ReplyDelete
  15. මාරයියේ මේකට පේපල් එකක් අටව ගනින්.. තව visa කාර්ට් එකකුත්..

    ReplyDelete
  16. මාරයා මාරයිනේ. ජයවේවා!!

    ReplyDelete
  17. බනියෝ , මන් දන්නා විදියට නම් ලංකාවේ තාම paypal facility
    එක නැහැ. සල්ලි යවන්න පුළුවන් නමුත් ලබාගන්න බැහැ.
    http://rumblinglankan.com/866/using-paypal-in-sri-lanka-and-alternatives-to-paypal/
    ඔයි මරය අයිය ව දන්නා කියන කෙනෙක් පිට රටක paypal account
    එකක් විව්ර්ත කරලා සල්ලි ලැබෙන විදියක් හදල දුන්නොත් එයාටත්
    කේන්දර හදාගන්න අයටත් ලොකු උදවුවක් වේවි. උදවුවක් ඕනි නම් මට දෙන්න ඇහැකි.

    ReplyDelete
  18. හුඟක් අය ගොඩක් ගණන් කැමරා වලින් ගන්න පොටෝ එක්ක බැලුවම මාරයා Nokia එකෙන් ගත්ත පොටෝ විශිෂ්ඨයි. ඇත්තට කියනවනම් මම හිතන්නේ වැඩේ තියෙන්නේ කැමරාවේ නෙවෙයි ඇහෙයි. පොළොන්නරු පොටෝ බැලුවම මාරයට හොඳ ඇහැක් තියෙන බව පේනවා.

    ReplyDelete